(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම රාජ්‍ය නිලධාරීන් අද(30) දිනය තුල රජයේ ආයතනවල සීමා සහිතව රාජකාරිවල නිරතවන බව රජයේ පරිපාලන නිළධාරීන්ගේ සංගමය පවසයි.
සිකුරාදා දින ගත් තීරණ සඳහා ගරු කිරීමක් වශයෙන් සහ අද පස්වරු 4 ට මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාව සදහා පැමිණෙන්නැයි වැඩ වර්ජන සදහා සොයා බැලීමට පත් කල කැබිනට් අනුකමිටුව තම සංගමයට ඇරයුම් කර තිබීම මීට හේතුව බව එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.








