(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොකේන් ගිල පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(29) පෙරවරුවේ ඇය කටාර් රාජ්‍යයේ සිට මෙරටට ළගා වී ඇත.
පසුව මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
ස්කෑන් පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ සැකකාරියගේ උදරයේ කිසියම් ද්‍රව්‍යයක් ඇති බවයි.
ඒ අනුව ඇය මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඇයගේ උදරයේ තිබූ කොකේන් ගුලි 52 ක් පිටතට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ 50 හැවිරිදි සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඇය අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි වැඩිදුර විමර්ශන සිදු කරයි.








