FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ සාමාජිකයින් මුස්ලිම් ව්‍යාපාරිකයන් හමුවේ[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් අතර සුහද හමුවක් ඊයේ(26) පස්වරුවේ පැවැත්විණ.

සෑමවිටම ප්‍රගතිශීලී දේශපාලන පිළිවෙතක් අනුගමනය කරන හනීෆා ඉෂාක් මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේදී සිදුවූ මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, පර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි යන මහත්වරු ද එක්ව සිටියහ.