FAST NEWS

24×7 Around the Globe

සද්ධන්තයන්ගේ අභිරහස් මරණ පිළිබද විශේෂ පරීක්ෂණ [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 04 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. 

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මල සිරුරු අද පෙරවරුවේ සොයාගත් බව වනජීවි නිළධාරින් සඳහන් කරයි.

ඉන් එක් ඇතින්නියක් ගැබ්බර අවධියේ පසුවන අතර, කිසියම් විෂක් ශරීර ගතවීමෙන් මෙම වන අලින් මියයන්ට ඇති බවට සැක පළ කරයි.

සීගිරිය වනජීවී නිළධාරින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.