FAST NEWS

24×7 Around the Globe

මෙරට ශ්‍රමිකයන්ට ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රැකියා වීසා මත ජෝර්දානයට ගොස් නියමිත වීසා නොමැතිව රැඳී සිටින විගමනික ශ්‍රමිකයන්ට ජෝර්දානය විසින් යලි මාස දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ සැප්තැම්බර් 22 වනදා ආරම්භ වුණු පොදු සමාකාලය ලබන නොවැම්බර් 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ජෝර්දාන තානාපති කාර්යාලය විසින් දන්වා ඇති බවයි.

මෙම පොදු සමා කාලය තුල කිසිදු දඩ මුදල් ගෙවීමකින් තොරව දිවයිනට පැමිණිය හැකියි.

පසුගිය පෙබරවාරි මාසයේදී ජෝර්දානය විසින් නීති විරෝධිව එරට රැදී සිටින විදේශිකයන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබුණි.