FAST NEWS

24×7 Around the Globe

මෙරට යටිතල පහසුකම් ව්‍යාපාරවල ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින්ගේ කැමැත්ත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය කාර්මික ආයෝජකයින් මෙරට දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපාරවල ආයෝජනය කිරීමට එකඟතාව පල කර තිබේ.

ඉන්දියානු කාර්මික සම්මේලනයේ සාමාජික නියෝජිතයින් 10 දෙනෙකු මෙරට සංචාරයක නිරතව සිටින අතර ඔවුන් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවී සාකච්ඡා කළේය.

මූල්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී  ලංකාවේ ප්‍රථම වරට – ඉන්දීය කර්මාන්ත ආයෝජකයින් පිරිසක් මෙලෙස එකඟතාව පල කලේ පළමු අවස්ථාවටය.

ඉන්දීය කාර්මික සම්මේලනයේ සාමාජික නියෝජිතයින් 10 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රබුල් කුමාර් මුත්ත මේ බව පැවසුවේ ය.

මහා පරිමාණ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු විශේෂ දැනුම ප්‍රදර්ශනය කිරීමට අපි උනන්දු වෙමු. ඉන්දියානු කාර්මික සම්මේලනය ඉන්දියාවේ දෙවන විශාලතම ව්‍යාපාරික සම්මේලනයයි.