FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද විමසීම අද(27) පෙරවරු 9ට ආරම්භ වීමට නියමිතයි.

ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිත ඒ සඳහා සියළු කටයුතු මේ වන විට සූදානම් අතර, ඊට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192කි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසන ආකාරයට දිවයින පුරා පිහිටි සේවා ස්ථාන 269කදී සිදුකෙරෙන තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්ව ඇත.