FAST NEWS

24×7 Around the Globe

නව හමුදාපති නිසා එක්සත් ජාතින්ගෙන් ප්‍රතික්ෂේප වූ මෙරට යුධ සෙබළුන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුධ අපරාධ චෝදනා එල්ල වූවකු හමුදාපති ධුරයට පත්කිරීම පදනම් කරගනිමින් අත්‍යවශ්‍ය නොවන රාජකාරී සඳහා ශ්‍රී ලංකා සාම සාධක සෙබලුන් බඳවා නොගැනීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මින් ඉදිරියට සීමිත සාම සාධක සෙබලුන් පිරිසක් පමණක් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට පියවර ගැනෙනු ඇති බව ජගත් සංවිධාන ප්‍රකාශකයෙකු පවසයි.

දැනට ශ්‍රී ලාංකික සාම සාධක සෙබලුන් අනුයුක්ත කර ඇත්තේ මාලි / දකුණු සුඩානය සහ ලෙබනනය සඳහා වන අතර ශ්‍රී ලාංකික සෙබලුන් 650 කට වැඩි පිරිසක් නැවත පිටත් කර හැරීමට තීරණය වී නොමැති බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර ඇත.

ජගත් මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කර ඇත්තේ ඔවුන් විශිෂ්ඨ සේවයක නිරතවුවද නව යුධ හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අනුමත කල නොහැකි බවයි.