FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 05 කට නාය යෑමේ අනතුරු තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින අයහපත් කාළගුණය හේතුවෙන් කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (26) පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.