FAST NEWS

24×7 Around the Globe

ගුරු සහ විදුහල්පති සංගම් අද සහ හෙට අසනීප නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව අද (26) සහ හෙට (27) යන දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි. 

වැටුප් ගැටලුව ඇතුලු ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කළේය.