FAST NEWS

24×7 Around the Globe

අකිල රාත්‍රියේ ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ රාත්‍රියේ බරපතල වංචා පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත පැමිණ තිබේ.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ඊයේ රාත්‍රී 7 ට පමණ කොමිසමට පැමිණි අමාත්‍යවරයාගෙන්  රාත්‍රී 9 වන තුරු ප්‍රකාශ ලබාගත් බවයි කොමිසම සඳහන් කරන්නේ.