FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටියේ පෙත්සම ප්‍රතික්ෂේප වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(25) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව තීන්දු කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.