FAST NEWS

24×7 Around the Globe

මහනුවර දේවාලයක ලක්ෂ ගණනක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාලි අම්මාන් දේවාලයකට ඇතුළුවූ කොල්ලකරුවන් පිරිසක් මුදල් හා රන් ආභරණ කොල්ලකා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

අද (25) අලුයම ඇතුළුවූ මෙම කොල්ලකරුවන් පිරිස එහි දේවගැතිවරයා හා සහායකයයන්ගේ ගේ දෑත් බැඳ මෙම සොරකම සිදුකර ඇත.

මංකොල්ලය සදහා තියුණු ආයුධ සහිතව සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 20 ක මුදල් සමඟ රන් කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් කොල්ලකා තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.