(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.
මිට හේතුව ලෙස දුම්රිය සේවයේ වැටුප් හා ශ්‍රේණි විශමතා ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක නොකරන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට අදාළ සියලුම සේවකයින් තීරණය කර ඇති බවට ලොකො මෝටිව් දුම්රිය රියදුරන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.








