FAST NEWS

24×7 Around the Globe

ඡන්ද මධ්‍යස්ථාන වෙනස් කිරීමට දී තිබූ කාලය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම ඡන්ද බල ප්‍රදේශය තුල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද දායකයන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් ලබාගැනීම සදහා මැතිවරණ කොමිසමට ඉල්ලුම් පත් යොමු කිරීමට දී තිබු කාලය අදින් අවසන් වේ.

අද දිනයේදීත් අදාල අයදුම්පත් සියලු ග්‍රාම නිලධාරි කාර්යාලවලින් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ලබා ගැනිමේ හැකියාව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.