FAST NEWS

24×7 Around the Globe

රටේ ජනතාව අසරණව සිටින මොහොතක රාජ්‍ය සේවකයින්ගේ මෙම හැසිරීම සාධාරණ ද..?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට දිවයින පුරා ප්‍රදේශ රැසක විවිධාකාර වූ අපදා තත්ත්වයන් වර්තා වේ.


මෙම අපදා තත්ත්වයන්ගෙන් පිඩිත ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ඊයේ(24) පෙරවරුවේ හදිසි රැස්වීමක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේය.

නමුත් මේ වන විට ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක් වැඩ වර්ජනයක නිරත වෙමින් සිටී.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පවසන ආකාරයට ඊයේ(24) ආරම්භ කළ වැඩවර්ජනය අදත්(25) ක්‍රියාත්මක වන බැවින් අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු සේවාවක් සිදුනොවෙන අතර සේවා ලබාගැනීම සඳහා පැමිණීමෙන් වළකින්නැයි ජනතාවට දන්වා සිටියි.

ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය සිදු කරන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා සියලුම අමාත්‍යාංශවල කටයුතු අඩපණ විය හැකි බවත් ලේකම් වරයා පැවසීය.

පෙරේදා (23) මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා වට කීපයක් පැවතිය ද අවසන් තිරණයකට නොපැමිණි බව රෝහණ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙයට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී අනෙකුත් සේවා සමඟ ද ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

රට තුල පවතින අපදා තත්ත්වය හමුවේ ඔවුන්ගේ වැටුප් අරගලය සදහා ගෙන යන මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඔවුන් සිතා බැලිය යුතු නොවේද..??