FAST NEWS

24×7 Around the Globe

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.