(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය.
ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි.
දුම්රියට යොදා ගන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියකි.
අද ආරම්භ කෙරුණු කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් පිටත් වන්නේ පස්වරු තුනටයි.
කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05 ට පමණයි.
සෑම දිනකම පෙරවරු 02.15 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට පෙරවරු 05.04 ටද මරදානට 05.10 ටද ළඟා වෙයි.
දුම්රිය නවත්තන්නේ අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්න වේ.
ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර මෙම නව දුම්රියේ කාල සටහන සකසා ඇති බවයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.













