(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් මස 30 සහ 31 යන දිනයන් වෙන්කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා දි නනියම කර ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා සිදුකිරීමට නියමිතයි.
එම නිසා තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.








