FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් මගීන් සදහා නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දී තිබේ

වර්ෂාව පැවතුනද ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බැවින් ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටියි.

කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (23) පෙරවරු 8.30 සිට අද අලුයම 3 දක්වා වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 272 ක් වාර්තා වී ඇත.