FAST NEWS

24×7 Around the Globe

රජයේ නිලධාරීන් අදත් මැදියමේ සිට වර්ජනයකට සැරසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

වැටුප් විෂමතා ගැටළුවක් හේතු කොට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ඇතුළු සංවිධාන 17ක් අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා වේ. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පසුගිය දා පැවැති සාකච්ඡාවකදී එම වැටුප් විෂමතාව නිරාකරණය කිරීම සඳහා අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, එය සාධාරණ නොවුවහොත් මෙලෙස අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංවිධාන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.