FAST NEWS

24×7 Around the Globe

පාසල් දැරියක හා මවක පැහැරගැනීමට තැත්කල දෙදෙනෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් දැරියක් සහ ඇගේ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීම සැකකරුවන්ගේ සැලසුම් කර තිබූ අතර දොඩංගොඩ පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට වසර 02 කට පෙර පැවැත්වූ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයකදී මෙම දැරිය සහතික පත් සහ ත්‍යාග විශාල ප‍්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඇතිවූ වෛරයක ප‍්‍රතිපලයක් මත මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී පොලිස් නිල ඇඳුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත්, කඩුවක් සහ මන්නා පිහියක් ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් කලුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරනවා.
මුලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 09 ක් වන අදාළ දැරිය නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

ඇගේ පියා කලුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බව වාර්තා වෙයි.