(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් 03 කට බලපැවැත්වෙන පරිදි නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව , කළුතර , කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත , බුලත්සිංහල , දොඩංගොඩ , ඉංගිරිය , මතුගම , පාලින්දනුවර , වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මීට ඇතුළත්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය , ගාල්ල කඩවත් සතර , ඉමදූව , නාගොඩ , නෙලුව , නියාගම සහ තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටද හෙට පෙරවරු 11.30 දක්වා මෙම නායයාමේ අනතුරු බලාත්මක වනු ඇති.
මේ අතර නිල්වලා ගග පිටබැද්දර සහ පානදුගම ප්‍රදේශවල සුලු ගංවතුර මට්ටමක් දක්වාද , ගිං ගග තවලම සහ බද්දේගම ප්‍රදේශවල සුලු ගංවතුර මට්ටමක් දක්වාද කලු ගග මිල්ලකන්ද ප්‍රදෙශයේ සුලු ගංවතුර මට්ටමක් දක්වාද ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.








