FAST NEWS

24×7 Around the Globe

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය වෙරළ තීරයේදී සිදුකිරීමට අධිකරණ නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය. 

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද (23) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබීය.

අධිකරණ නියෝගයකින් තොරව මෙම හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු නොකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එන්. සුදාහරන් ඊයේ (22) නියෝග කර තිබුණි.

මේ අතර ඥානසාර හිමියන්ද අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

අනතුරුව උන්වහන්සේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

Image may contain: one or more people, people standing, plant, flower, outdoor and nature

Image may contain: one or more people, people standing, crowd and outdoor

Image may contain: 1 person, standing, outdoor and nature