FAST NEWS

24×7 Around the Globe

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් 2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට තබා ඇති බව ප්‍රකාශයට පත කර ඇත.

ඡන්ද හිමි නාම ලේඛනය ඒ අනුව සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ග්‍රාමනිළධාරී කාර්යාල වල ප්‍රදාර්ශනය කර ඇති බව එම කොම්ෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

2018 ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කර ගනිමින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයදුම්කරන රාජ්‍ය නිළධාරීන්ට අදාළ ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කළ හැකි වේ.

සියළුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිළධාරීන්, ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාම නිළධාරී කාර්යාල වලින් එම ඉල්ලුම්පත්‍ර ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.