FAST NEWS

24×7 Around the Globe

මී උණ වසංගතය නැවතත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ ගතවූ කාල සීමාව තුළ මී උණ රෝගීන් 3317 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර වැඩිම මී උණ රෝගීන් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

වැඩිම රෝගීන් පිරිසක් මැයි මාසයේදී වාර්තා වී ඇති බවත් , ජනවාරි, මාර්තු හා ජූනි මාසවලදී ද රෝගීන් 717 ක් වාර්තා වී ඇති බවත් එහි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ලෙප්ටොස්පයිරෝසිස් ලෙස හැදින්වෙන මෙම රෝගී තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේදී මී උණ ලෙසින් හදුන්වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 430 ක්, ගාල්ලෙන් 321 සහ මාතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 296ක් වාර්තා වී ඇතැයි ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

ලෙප්ටොස්පයිරා නම් ඉතා වේගයෙන් චලනය වන බැක්ටීරියාවක් මගින් වර්ධනය වන මෙම රෝගය ගොවිපළ සතුන්, සුනඛයින්, පූසන් හා මීයන්ගේ මුත්‍රා මිශ්‍රිත ජලය, පස් හා ආහාර මගින් ශරීරගත වේ.

රෝගය වැළැක්වීම සඳහා ගොවීන් කුඹුරට බැසීමට පෙර වෛද්‍යවරුන් නිර්දේශ කරන ප‍්‍රතිජීවක ඖෂධ සතියකට වරක් භාවිත කළ යුතු බව ය.

බැක්ටීරියාව ශරීරගත වීමෙන් පසුව රුධිර සංසරණයට ඇතුළු වී සිරුරෙහි සියළුම අවයව හා පටල ආක‍්‍රමණය කරනු ලබන අතර සාමාන්‍ය උණ තත්ත්වයක් ලෙස හට ගන්නා මෙය ක්‍ර‍මයෙන් තද උණ තත්ත්වයක් දක්වා වර්ධනය වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.