FAST NEWS

24×7 Around the Globe

වත්තලදී ව්‍යාජ කච්චේරියක් වටලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව විශේෂ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලිපිිලේඛණ සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් වත්තල කල්‍යාණි මාවත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ව්‍යාජ ඉඩම් ඔප්පු හා විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා තොගයක්ද මෙහිදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් වත්තල – ගණේමුල්ල හා මරදන්කඩවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.