FAST NEWS

24×7 Around the Globe

රනිල් සහ සජිත්ගේ මීළඟ සැළසුම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමේ සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙන බව එක්සත් කාතික පක්‍ෂය පවසයි.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතරය.

එම තීරණාත්මක සාකච්ඡාවක් අද (22)පස්වරුවේ පැවැත් වෙන බව එම පක්‍ෂයේ ජෙෂ්ටයෙකු පැවසීය.

ඊයේ (21) දිනයේද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මීට පෙර ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර මෙවැනි සාකච්ඡාවක් පැවති අතර එය ද අවසන් වූයේ එකඟතාවයකින් තොරවය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීම සිදු කළ යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව නොව, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ එකඟතාව මත පමණක් බව එහි පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම දිගින් දිගටම සඳහන් කර ඇත.