FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද තැපෑලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම සිදු කෙරේ.

අද දහවල් 12.00 පමණ වනවිට සියලු තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමට අපේක්ෂා කරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසා ඇත .

එම තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂණ පැකට්ටු ලබන 25 වැනි දාට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තැපැල් අධිකාරී සම්බන්ධීකරණ ධම්මික ඒකනායක මහතා පවසයි.