(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද හමුදා භටයෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
පොලීසිය පවසන ආකාරයට දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති අතර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ සෙබලා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
මියගොස් ඇත්තේ 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු වන ඔහු 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරිරය මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර තිබේ.








