FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ගත් උත්සාහයක් වරදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ 2005 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමෙරිකානු පුරවැසියෙකුව සිටිමින් ලංකාවේ දේශපාලන කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසටය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරමින් මෙම ඉල්ලීම කර ඇති අතර, මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.