(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20 ) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම සිදු කිරීමට නියමිතව ඇත.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබූ අතර සාක්ෂි විමසන අවස්ථාව මාධ්යයට විවෘත නොකරන බව නියෝජ්ය කථානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කර තිබේ.
මීට පෙර ජනාධිපතිවරයා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමා කිසිවිටෙකත් පෙනී නොසිටින බව ප්රකාශ තිබුණ ද පසුව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්ය කථානායක ආනන්ද කුමාරසිරි අමතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
මීට පෙර මෙම විශේෂ කාරක සභාව වෙත පැමිණ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර සාක්ෂි ලබා දී තිබේ.








