(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(20) පස්වරුවේ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින් ඊට සහභාගී වන බවට වාර්තා වේ.
අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන එම සාකච්ඡාවේ දී එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙන බව වැඩිදුරට ආරංචි මාර්ග පවසයි.








