FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය ගැටළු මුල්කර ගනිමින් දුම්රිය සේවකයන් අකුරට වැඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්රිය නියාමකයන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (19) මැදියම් රැයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. වේග සීමා ඇතුළු දුම්රිය වෘත්තීය ගැටළු මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ  ඊට විසඳුමක් නොලැබුනහොත් එළැඹෙන 24 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.