FAST NEWS

24×7 Around the Globe

තේරීම්භාර නිළධාරීන් හෙට කොළඹට කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (20) දිනයේදී සියලු දිස්ත්‍රික්වල තේරීම්භාර නිළධාරීන් සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබේ.  

ජනාධිපතිවරණයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ බවත්, තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා කියා සිටියේය.