(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
නීති විරෝධී ලෙස උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.
මෙහිදී ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද ඊයේ (18) නාවික හමුදා බාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානය මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබූ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇතිබ බව නාවික හමුදාව පවසයි.








