FAST NEWS

24×7 Around the Globe

සුව ඇමති අද ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ අද දහවල් 01.30 ට කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විසින් ජනා‍ධිපති කොමිසම වෙත සිදුකල පැමි‍ණිල්ලකට අනුව මෙලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට කැඳවා ඇත.

වෛද්‍ය හරිත අලුත්ගේ පැමිණිලි කර ඇත්තේ මා‍ළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බවටයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැදවීම සිදුකර තිබේ.