(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටියේය.
නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන්වීම පිළිබඳව විපක්ෂ නායකවරයා කියා සිටියේ අදටත් නෙළුම් කුළුනේ වැඩකටයුතු සිදුකරන්නේ එම සමාගම බවයි.










