FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවට සහය නොදුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා මෛත්‍රී හමුවක් අද.

ජාතික ආණ්ඩුවට සහය නොදුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද (15) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති නිල නිවසේදීයි. පස්වරු 05.00ට මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූර ලබා ගත්තා.

ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි මන්ත‍්‍රීවරුන්ට විපක්‍ෂයේ කටයුතු කිරීම ගැටළුකාරී වී තිබෙනවා. ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන හමුවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතයි.