FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට – කොළඹින් වැඩිම සංඛ්‍යාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පවතින අයහපත් කාලගුණික තත්වයන් නිසා ඩෙංගු උවදුර ශීඝ්‍රයෙන් වර්ධනය වීම සලකුණු කරමින් ඩෙංගු රෝගීන් හතලිස් හයදහස් අටසිය අනූහය දෙනෙකු මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ (17) දිනය දක්වා වූ කාලය තුළ සොයාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරයි. 

පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන පරිදි මේ වර්ෂයේ ගෙවීගිය කාලය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 9,798 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7,540 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4,572 ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,221 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4,740 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,302 ක් වාර්තා වී ඇත.

වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක්  වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.