FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් මහාධිකරණයෙන් අතුරු නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අතුරු නියෝගයක් ලබාදී ඇත. 

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත්තේ  2010 – 2014 කාලසීමාවේදී සතොස සේවකයන් 153 දෙනකු නියමිත රාජකාරිවල වෙනුවට දේශපාලන කටයුතුවල යොදවා රජයට රුපියල් කෝටි 04 කට වැඩි පාඩුවක් සිදුකල බවටයි .

විත්තියේ මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිශෝධිත අයදුම්පතක් මහාධිකරණය හමුවේ ගොණුකර තිබෙන අතර එය විභාග කර අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙනු ඇති.