(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ අමාත්‍යතුමිය විසින් ඇගයීමට ලක්කර තිබේ.
පසුගිය 12 වන දින බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහාමඩ් නජීම් මෙහොමඩ් හෙවත් කංජිපානි ඉම්රාන් පාතාල රැඳවියාට ලබාදීම සඳහා රැගෙන ගිය ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් සොයා ගනී ලැබීය.
ඒ බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී.එම්.කරුණාරත්න, බන්ධනාගාර නියාමකයින් වන ටී.ඕ.කේ.රත්නායක, ඒ.ඩී.ටී.කේ .ආරියදාස ,ඒ.ඩී.එල්.එන්.මෙන්ඩිස් ,ඒ.ජී.චමින්ද ජයසිරි, වයි.පී.එල්.සම්පත් යන නිලධාරීන් විසිනි.
ඔවුන් ඊයේ (17) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණිය විසින් අමාත්‍යාංශයේ දී විශේෂ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ඇගයීම් සහතික ලබාදීම සිදු කරනු ලැබීය.








