FAST NEWS

24×7 Around the Globe

නෙළුම් කුළුනේ මුදල් වංචාව ගැන අගමැති අද සාකච්ඡාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වේ.

පසුගියදා ජනාධිපතිවරයා නෙළුම් කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට එක වෙමින් ප්‍රකාශ කළේ නෙළුම් කුළුණේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදලක් චීන සමාගමකට ගෙවා ඇති බවයි.

එම සමාගම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව මෙම හමුවේදී  අදාල ප‍්‍රකාශය සහ නෙළුම් කුලූණේ ඉදි කිරීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන්දේ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස් මූලස්ථානයට ඊයේ (17) පැමිණිල්ලක් ද ගොනු කළේය.

කෙසේ වෙතත් එවක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි අනූෂ පැල්පිට ප‍්‍රකාශ කළේ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයාට ලබා දුන් වැරදි තොරතුරු මත ඔහු එම ප්‍රකාශය කල බවයි.