FAST NEWS

24×7 Around the Globe

බද්දේගම ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ වඳුරඹ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  


පසුගිය 12 වනදා පැවති සාදයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී රිවෝල්වරයක් පෙන්වා මරණ තර්ජන සිදුකිරීමේ සිද්ධියකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකාර සභාපතිවරයා අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.