FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය ගැන මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද සිට දින 14ක් ඇතුළත බොහෝදුරට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ අද (16) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.