FAST NEWS

24×7 Around the Globe

බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ මේ හේතුවෙන් අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.

එමෙන්ම බර වාහන හැර සෙසු වාහන වලට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමට අපහසු තත්ත්වයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]