(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) පස්වරුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 31 වියේ පසුවන අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.








