(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට හෙරොයින් ආනයනය කළ පකිස්ථානු ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට මීගමුව මහාධිකරණය නියෝග කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක සහ ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ පකිස්ථානු ජාතිකයින් හතර දෙනෙකුට එරෙහි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් මීගමුව මහාධිකරණයේ නඩු පවරා තිබුණි.








