FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ පෙත්සමට අභියාචනාධිකරණයෙන් අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇවන්ට්ගාඩ් සිදුවීමට අදාළව පවරා ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ පෙත්සමේ ඉල්ලීම්වලට අභියාචනාධිකරණය විසින් අද අවසර ලබා දුන්නේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සමෙන් සදහන්කර ඇත්තේ ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව නඩු පවරා ඇති බවයි.

නමුත් මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවට තමන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ බව ද එය ප‍්‍රතික්ෂේප වූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින්.