FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරුට රැගෙන ගිය ආහාර බදුනේ තිබී මෙම ද්‍රව්‍යන් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් මේ වනවිට රත්ගම පොලිසිය භාරයේ පසුවෙයි.